මහියංගන මහා සෑ සමිඳුන් වන්දනාව 24.04.2011
UncategorizedPublished March 27, 2011 at 12:59 PM 7 Commentsතථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයෙන් පූජනීයත්වයට පත් වූවා වූද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවා ධාතූන් වහන්සේද කේශ ධාතූන් වහන්සේලා ද නිධන් කොට ඇත්තා වූ ද මහියංගන මහා සෑ සමිඳුන් අබියස අප්‍රියෙල් මස 24 වන දින අති පූජනීය මහෝපාධ්‍ය මහා කර්මස්ථානාචාර්ය නා උයනේ අරියධම්ම මහා නා හිමි සිමිඳුන්ගේ ජන්ම දිනය අරමුණු කරමින් ගෞරවනීය මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී බව සහ දිගාසිරි ප්‍රාර්ථනා කරමින් සුවිශේශී පූජාවක් පැවැත් වෙයි.
මෙදින සවස 7.00ට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සූවිසි පට්ඨාන ඥණයන් උදෙසා පැවැත්වෙන පූජාව සහ වන්දනාවද, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද ගෞරවනීය මහා සංඝ රත්නය විසින් සිදු කරන සේක. පසු දින අළුයම සත් බුදු රජාණන් වහන්සේලාගේ අසිරිමත් ගුණ සාගරය අරමුණු කරමින් කිරි ආහාර පූජාව සිදු කරන සේක. ගෞරවනීය මහා සංඝ රත්නය උදෙසා 25 වන දින හීල සහ දහවල පිණ්ඩපාත දානය පූජා කිරීමෙන් අනතුරුව මෙම පිංකම නිමාවට පත්වේ.
ලංකාය යත්ථ පඨමං භගවා නිසජ්ජ – යක්ඛේ දමේසි කතමිද්ධි තස්මිං
ගීවට්ටිධාතූ නිහිතඤ්චථ කේසධාතුං – වන්දාමි සාධු මහියංගන ථූපරාජං
වන්දාමි සාධු මහියංගන ථූපරාජං
ඌව පළාතෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි පළමුවරට තනවනලද ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිධන් කරනු ලැබූ දාගැබ්වහන්සේ මහියංගන දාගැබ නම් වේ.මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ. පාලියෙන් ලියනවිට බිම් යන්න මහී යයිද, තැන්න යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි ඇත.ශ්‍රී ලංකාවේ ආදි ම ස්ථූපය වශයෙන් වංශ කථාවල සඳහන් වන්නේ මහියංගන චෛත්‍යය යි. සුමන දෙවියන් විසින් කේශ ධාතු නිධන් කොට නිල්මිණියෙන් සත් රියන් කොට බඳවන ලද බව සඳහන් වේ. ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන් දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි.පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය. වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු සර්වඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය. වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි.වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෛත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව රහතන්වහන්සේ නමක් නිමකළ එකම චෛත්‍යයද මෙයයි. (ref internet)
මහාෙණනි, කුසල්වූ, කුසල් භජනය කරන්නාවූ, කුසල පක්ෂෙයහිවූ, යමකිසි ධම්මයක වත්ද, ඒ සියලුම ධම්ෙයා සිත ෙපරටුෙකාට ඇත්තාහ. සිත ඒ ධම්යන්ට පළමුෙකාට උපදී. ධම්ෙයා ඒ අනුවම උපදී.
අංගුත්තර නිකාය > ඒකක නිපාතය > පභාස්සර වර්‍ගය > කුසලභාගsය සූත්‍රය
Keep this in mind
[img]https://lh4.googleusercontent.com/_9S4yGtIJz54/TOy5yp-FaPI/AAAAAAAABdU/JcH1sB9bumM/s800/PP_Page30.jpg[/img]
From the book Paramitha Prakaranaya (පාරමිතා ප්‍රකරණය) – Paramii (පාරමී) – Page 30
Great site. Keep doing.
I want to post quick hello and want to say appriciate for this good article.