සූ විසි විවරණ පූජා – මුතියංගන මහා සෑ සමිඳුන් අභියස, අප්රේල් මස 21 සහ 22

UncategorizedPublished April 4, 2012 at 9:21 PM No Comments

ශ්‍රි කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ගරු කටයුතු මහා සංඝ රත්නයේ අවවාද හා අනුශාසනා පරිද්ද්දෙන්ද, මුතියංගන රජ මහා විහාරාධිපති අති පූජනීය මුරුදෙනියේ ධම්මරත්න නායක ස්වාමීන්වහන්සේගේ ද ආශිර්වාදයද ඇතුව අප්රේල් මස 21 සහ 22 දෙදින දෙදින තුල මුතියංගන මහා සෑ සමිඳුන් අභියස සූ විසි විවරණ පූජාවක් පැවැත්වීමට අරියමග්ග සංවිධානය කටයුතු මෙහෙයවමින් පවතී.

අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සුමේධ බෝධී සත්වයාණන් වහන්සේව දීපංකර බුදුපියාණන් වහන්සේ පාද මූලයේ ලොව්තුරු සම්මා සම්බුද්ධත්වය පිණිස නියත විවරණ ලබාගත් අවස්ථාවේ සිට මේ  භද්‍ර කල්පයේ ලොව පහල වූ  කාශ‍යප බුදුපියාණන් වහන්සේ දක්වා සූ විසි බුදු පියාණන් වහන්සේලගෙන් නියත විවරණ ලබා ගත් සේක. එම බුදුපියාණන් වහන්සේලාගේ අනන්ත ඥණ සාගරයද, ගුණ සාරයද   නියත විවරණ ලබාගත් උතුම් අවස්ථාවන් ද සිහිපත් කරමින් මුතියංගන මහා සෑ සමිඳුන් අභියස සූ වී විවරණ පූජාවක් පවත්වා බුද්ධ ශාසනය තුල සීල සමාධි පරඥා පරතිපත්ති ධම් පුරමින් සැරියුත් මහ රහථන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ආදී  කොට ඇති ආර්‍ය මහා සංඝ රත්නය හා පේලි වෙමින් වැඅඩ සිටින්න වූ ද මහා බෝසත් උතුමන් වහන්සේල හා පේලි වෙමින් ගුණ පුරන්න වූද ශ්‍රි  කළ‍යාණි යෝගාශ්‍රම සංස්ථා පරධාන අනුශාසක දුරන්ධර මහොපාධ්ය මහා කම්මඨානාචරිය   අති පූජනීය නා උයනේ අරියධම්ම මහා නාහිමිපාණන්  වහන්සේ ගේ උපන් දිනය සහ පැවිදි දිවියේ 55 වසරක්  සැපිරීම නිමිති කරගෙන ගෞවරනීය මහා ස්වාමිපාදෝත්තාමයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි ප්‍රාර්ථනා කරමින් ගෞවරනීය මහා ස්වාමිපාදෝත්තාමයාණන් වහන්සේද මහා බෝධී සත්වයන් හා පේලි වෙමින් ලොව්තුරා බුදු රජාණන් වහන්සේලා පාද මූලයේ නියත විවරණ ලබමින් අවසන මුළු මහත් ලෝක ධාතුව දෙතිසක් මංගල්‍ය පූර්ව නිමිතිවලින් ඒකා ලෝකව ඇතිවිට දස දහසක් ලෝක ධතුව කම්පා කරව්මින්  දෙව් මිනිසුන්  සහිත  ලෝකයට හිත සුව පිණිසම මතු  ලොව් තුරු බුදු බවම ලබත්වායි ආසිරි ප්‍රාර්ථනා කරමින් මෙම පිංකම පවත්වන්නෙමු.

මෙම පින්කමේ වැඩ සටහන් විස්තරය පහත දක්වා ඇත.

21.04.2012

පෙ.ව. 6.00 – ප.ව. 5.00 සීල භාවනා වැඩ සටහන

ප.ව. 5.00 – ප.ව. 9.00 සූ විසි විවරණ මහා පූජාව

ප.ව. 9.30 – පසුදා පහන් වන තුරු සර්ව රාත්‍රික ධර්ම සජ්ජායනාව

22.04.2012

පෙ.ව. 5.30 – ගරුතර මහා සංඝ රත්නය උදෙසා හීල දානය පිළිගැන්වීම

පෙ.ව. 6.30  – සූවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා සිදු කරනු ලබන කිරි ආහාර පූජාව

පෙ.ව. 10.00  –  ගරුතර මහා සංඝ රත්නය උදෙසා පිණ්ඩපාත දානය පිළිගැන්වීම

——————————————————————————————-

To download right mouse click and select ‘SAVE TARGET AS’ or ‘SAVE LINK AS’

Audio

Videos

Click the below links to view the events

Seela Bhavana Programe
Runtime 1 hour

Dhamma Desena – Part 1
MV Ariyadhamma Maha Thero

Dhamma Desena – Part 2
MV Ariyadhamma Maha Thero


Dhamma Desena April 22 –
MV Ariyadhamma Maha Thero

or go to
Video www.ariyamagga.com/mutiyangana thupaabhwandana
Audio – http://www.ariyamagga.org/dhamma-desena/pinkam-audio/

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.