සීල භාවනා සහ සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා – මැයි 18 සිට 24 දක්වා

UncategorizedPublished April 30, 2011 at 6:24 PM No Comments

2600 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය අරමුණු කරමින් අති පූජනීය කර්මස්ථානාචාර්ය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් සහ සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා පිංකමක් වෙසක් මස (මැයි ) 18 වන දින සිට 24 වන දක්වා පෙරවරු 8.00 සිට රාත්‍රි 7.00 දක්වා ශ්‍රි යමුනා සදහම් අසපුවේ දී පැවැත්වේ. පිංකම් මාලා පෙළ ගැස්ම පහත දක්වා ඇත.
පෙ.ව. 8.00 බුද්ධ පූජාව සහ වන්දනාව
පෙ.ව. 9.30 ගිලන්පස
පෙ.ව. 9.45 පර්යංක භාවනාව
පෙ.ව. 11.00 බුද්ධ පූජාව
පෙ.ව. 11.15 දවල් දානය
ප.ව. 12.30 ධර්ම සාකච්චාව – සප්ත බොජ්ජංග ධර්ම (මැයි 18 සිත 24වන දක්වා දින හත තුල ඒ ඒ බොජ්ජංග
ධර්මය අනුපිළිවෙලින් සාකච්චා කෙරේ)
ප.ව. 2.00 සක්මන් භාවනාව
ප.ව. 2.30 ගිලන්පස
ප.ව. 3.00 පර්යංක භාවනාව
ප.ව. 4.30 බුද්ධ පූජාව
ප.ව. 5.00 සත් බුදු රජාණන් වහන්සේලා උදෙසා පූජාව සැකසීම
ප.ව. 5.30 සත් බුදු රජාණන් වහන්සේලා උදෙසා පූජාව තැන්පත් කිරීම සහ බුද්ධ වන්දනාව

නිවනින් සැනසෙනු සිත කැමති සියල්ලෝම පැමිණෙත්වායි මෙත් සිතින් ආරාධනා කරමු.
ශ්‍රි යමුනා සදහම් අසපුව දායක සභාව
අරියමග්ග සංවිධානය

මෙම පිංකම ගැන සකච්චා කිරීමට අරියමග්ග ෆොරම් එකට යන්න – Click here

.