සීල භාවනා – නා උයන ආරණ්‍ය සේනාසනය සහ රුවන්මැලි මහා සෑ සමිඳුන් අබියස… – අප්‍රේල් මස 22, 23, 24, 25 – 2014

UncategorizedPublished April 11, 2014 at 1:40 AM No Comments

නා උයන ආරණ්‍ය සේනාසනය සහ රුවන්මැලි මහා සෑ සමිඳුන් අබියස අප්‍රේල් මස 22, 23, 24, 25

අපගේ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසීමිත අසමසම ගුණස්කන්ධය අරමුණු කරගෙන 2006 වසරේ සිට දිවයිනේ සුවිශේෂ පූජනීය ස්ථානයන් හි විවිධ පින්කම් කරමින් ඒ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නය හා පේළිවෙමින් වැඩසිටින අපගේ ශ්‍රි කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක ධුරන්ධර මහෝපාධ්‍යාය සාසනධජ ත්‍රිපිටකවාගීෂ්වරාචාර්ය මහාකම්මට්ඨානාචාර්ය අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුව සහ දිගාසිරි ප්‍රාර්ථනා කරමින් ගෞරවණීය ස්වාමින් වහන්සේ ගේ ජන්මදිනය අරමුණු කරමින් ප්‍රතිපත්තිමය පිංකම්හි යෙදුනි.

පෙර වර්ෂයන් හි පවත්වන ලද එම ප්‍රතිපත්තිමය පූජා පෙළහර හා අනුයාතවෙමින් මේ වසරෙහි ද අප්‍රේල් මස 22, 23, 24 දිනයන්හි නා උයන ආරණ්‍ය සේනාසනයේ සීලභාවනාවන්හි යෙදෙමින්ද අප්‍රේල් මස 24 වන දින සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ ද්‍රෝණියක් සර්වඥ ධාතූන් වහන්සේ වැඩසිටින රුවන්මැලි මහා සෑ සමිඳුන් අභියස සර්ව රාත්‍රිකව සීල භාවනාවන්හි යෙදෙමින් අපගේ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා නාහිමිපාණන් වහන්සේ විංසත් ශත වර්ෂාධික කාලයක් නිදුක්ව නීරෝගීව බුදුසසුන ඒකාලෝක කරමින් පාරමී දම් පුරමින් සසර අවසන මුලූ මහත් ලෝකධාතුව ඒකාලෝක කරමින් දෙව් මිනිසුන් සහිත ලෝකයාට හිත සුව පිණිස මතුලොවුතුරු බුදු බවම ලබත්වායි ආසිරි ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙම උතුම් සීල භාවනා ප්‍රතිපත්ති පූජාමය පිංකම හා සම්බන්ධ වීමට ඔබ සැමට ගෞරවයෙන් මෙත් සිතින් යුතුව ආරාධනා කරන්නෙමු.

වැඩසටහන් විස්තරය

අප්‍රේල් 22 පෙ.ව. 6.00 – සීල භාවනා නා උයන ආරණ්‍ය සේනාසනය

අප්‍රේල් 23 පෙ.ව. 6.00 – සීල භාවනා නා උයන ආරණ්‍ය සේනාසනය

අප්‍රේල් 24 පෙ.ව.6.00 – ප.ව. 1.00 – සීල භාවනා නා උයන ආරණ්‍ය සේනාසනය

අප්‍රේල් 24 අනුරාධපුර රුවන්මැලි මහා සෑ සමිඳුන් අභියස
ප.ව. 6.00 – 7.00 – නව අරහාදී බුදුගුණ පූජාව
ප.ව. 7.00 – 8.00 – බුද්ධ වන්දනාව
රාත්‍රි 8.00 – 8.30 – ගිලන් පස පිළිගැන්වීම
රාත්‍රි 8.30 – 9.30 – භාවනාව
රාත්‍රි 9.30 – 10.30 – ධර්ම දේශනාව
රාත්‍රි 10.30 – 11.00 – ගිලන්පස පිළිගැන්වීම
රාත්‍රි 11. 00 – 12.00 – භාවනාව
රාත්‍රි 12.00 – පෙ.ව. 1.15 ධම්මචක්ක සූත්‍ර දේශනාව, මහා සමය සූත්‍ර දේශනාව

අප්‍රේල් 25 පෙ.ව. 1. 15 – 1.45- ගිලන්පස පිළිගැන්වීම
පෙ.ව. 2.45 – 4.00 – අනුශාසනා, පිරිත් සජ්ජායනා සහ පින් අනුමෝදනා

අරියමග්ග සංවිධානය
29, 2 වන චැපල් පටුමග, කොළඹ 6
0773129505, 0772260276,
0714520070, 0710930028
www.ariyamagga.org

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.