සීල භාවනා – ජූලි මස 29, 30 සහ 31

UncategorizedPublished July 27, 2016 at 11:46 PM No Comments

පූජ්‍ය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහයවන සීල භාවනා පිංකමක් ජූලි මස 29, 30 සහ 31 යන තෙදින (සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා යමුනා සදහම් අසපුවේදී අරියමග්ග සංවිධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වේ. ධර්ම සාකච්ඡා කාලය තුල සතිපට්ඨාන සූත්‍ර දේශනාව, මජ්ජිම නිකායේ සූත්‍ර ආදිය සාකච්ඡා කරනු ලැබේ.
මෙම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හි සවස 4.00 සිට 5.00 දක්වා අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි ප්‍රර්ථනා කරමින් සිදු කරනු ලබන විශේෂ බෝධි පූජාවක්ද පැවැත්වේ… මේ සඳහා තෙල්, මල්, පහන්, බෙහෙත් ආදිය තමන් කැමැති අයුරින් රැගෙන එන ලෙසද කාරුණිකව සිහිපත් කරමු….
දහමින් සැනසීමට ඔබ සැමට මෙත් සිතින්, ගෞරවයෙන් ආරාධනා කරමු…

තෙරුවන් සරණයි….

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.