නව අරහාදී බුදු ගුණ පුජා

UncategorizedPublished April 9, 2015 at 12:55 PM No Comments

නව අරහාදී බුදු ගුණ පුජා

2015 ක්වූ අප්‍රේල් මස 26 වන දින අනුරාධපුරය පුණ්‍ය භූමියේ දී

නමො තෙ පුරිසාජඤ්ඤ -නමො තෙ පුරුසුත්තම
නමො තෙ පුරිසාතුල්‍ය  – නමො තෙ පුරිසාසභ

ලෝකවාසී සත්වයන් කෙරෙහි හටගත් මහාකරුණාවෙන් විසි අසං‍ඛෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරමින් ජයසිරි මහා බෝධි මූලයේ වැඩ සිටිමින් සියලු කෙලෙස් පරාජය කරමින් වෙසක් පුර පසොළොස්වක පොහෝ දින ශ්‍රී සර්වඥතා සම්බුද්ධඥානය අවබෝධ කර ගත් අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම ප්‍රඥා සාගරය,ගුණ සාගරය,පාරමී සාගරය අරමුණු කරමින් ද , ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා වූ අනන්ත අප්‍රමාණ දෙවු මිනිසුන්ට නිවන්සුව පිණිස හේතු වූවා වු ද, හේතු වන්නා වුද ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අසිරිමත් ගුණස්කන්ධය අරමුණු කරමින්ද, ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියා වූ අනන්ත ගුණ ඇති ආර්ය මහා සංඝ රත්නයේ අනන්ත ගුණ අරමුණු කරමින් ද අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පුජනීයත්වයට පත් වූ අනුරාධපුරය පුණ්‍ය භූමියේදී විශේෂිත වූ පිංකම් මාලාවක් 2015 ක්වූ අප්‍රේල් මස 26 වන දින පවත්වනු ලැබේ.

ලොවට සෙත සලසමින් අසරණ සත්වයන්හට පිහිට වෙමින් ආර්ය මහා සංඝ රත්නය හා  අනුයාත වෙමින් පිළිවෙත් පුරන  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්ධර ශ්‍රීකල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක, මහෝපාධ්‍යාය, සාසනධජ, ත්‍රිපිටක වාගිෂ්වරාචර්ය මහා කර්මට්ඨානාචරිය, අති පුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමිපාදෝත්තමයාණන් වහන්සේගේ ජන්ම දිනය අරමුණු කර ගනිමින් එම අසිරිමත් ගුණ ජිවිතයට ත්‍රිවිධ රත්නයේ ආසිරි ප්‍රාර්ථනා කරමින් 2006 වර්ෂයේ සිට සිදු කරන ලද්දා වූ පිංකම් පෙළහරක තවත් අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම පිංකම පවත්වනු ලැබේ.

පිංකම් පෙරහර

  • පෙ.ව.8.00 – ඉඳිවෙමින් පවතින සඳ හිරු මහා සෑ සමිඳුන් අභියස පුජනීය මහා සංඝ රත්නය හා දස සිල් මැණිවරුන් 300ක පමණ සහභාගීත්වයෙන් සිදු කරනු ලබන ශ්‍රමදානය.
  • පෙ.ව.10.30 – ගරුතර ස්වාමින් වහන්සේලාගේ සහ දස සිල් මැණියන් වහන්සේලාගේ දවල් දානය.
  • ප.ව.2.00-ප.ව.5.00 – සමාධි ප්‍රතිමා වහන්සේ අසල හෝ මහමෙව්නා පුජා භූමියෙහි පවත්වන භාවනා වැඩසටහන.
  • ප.ව.5.30-රාත්‍රී 10.30 -අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ සමිඳුන් අබියස පවත්වනු ලබන නව අරහාදී බුදු ගුණ පුජා,අටපිරිකර පුජා, පහන් පුජා, කප්රුක් පුජා, ගිලන්පස පුජා, බුද්ධ වන්දනා, භාවනා හා සෙත් පිරිත් සඡ්ඡායනාව.

මෙම උතුම් ප්‍රතිපත්ති පුජාමය කුසලානිසංසය බෝධිසත්ව ගුණෝපේත ලක්සසුන් ගඟන තලයෙහි ඕසධී තාරකාවක් බඳු වූ මහා කර්මට්ඨානාචාර්ය අති පුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමිපාදෝත්තමයාණන් වහන්සේට නිදුක්ව, නිරෝගී විංසත් ශතවාර්ධික කාලයක් බුදු සසුන ඒකාලෝක කරමින් පාරමීදම් පුරමින් සසර අවසන සර්වඥතාසම්බුද්ධ ඥාණාවබෝධයෙන් මතු ලොව්තුරු බුදු බව පිණිසම ඒකාන්තයෙන් හේතු වේවා! වාසනා වේවා!

ආර්ය මහා සංඝ රත්නය හා පේළිවෙමින් පිළිවෙත් පුරන ලෝක ධාතුවේ වැඩ සිටින සියලුම ගරුතර මහා සංඝ රත්නයට සුවසේම පාරමී දම් පුරමින් පැතූ බෝධියෙන් උතුම් වු නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ කර ගැනීම පිණිසම මෙම කුසලානිසංසය ඒකාන්තයෙන් හේතු වේවා!

ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි පිළිවෙත් පුරන සියලුම සම්මා දිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාට ද, කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට ද, අප සැම දෙනාගේ දෙමාපියන් වහන්සේලාට ද, මෙම උතුම් පිංකම සඳහා සංවිධානයෙන් සහ විවිධ දායකත්වයෙන් කටයුතු කරන සියලුම පිංවතුන්ගේ ද,සියලු සත්වයන්ගේ ද, සියලුම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වී නිවනින් සැනසීම පිණිසම මෙම කුසලානිසංසය ඒකාන්තයෙන් හේතු වේවා!

ත්‍රිවිධ රත්නයේ අසිරිමත් ගුණ සමුදාය අරමුණු කරමින් පැවැත්වෙන මෙම උතුම් පිංකමට පැමිණ සහභාගී වන මෙන් ඔබ සැමට ගෞරවයෙන් මෙත් සිතින් ආරාධනා කරමු.

 

අරියමග්ග සංවිධානය
www.ariyamagga.org
0714402297/0773129505/0714520070

 

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.