අභිනව ධර්ම ශාලාව සහ සංඝාවාසය පූජා කීරීම – යමුනා සඳහම් අසපුව 24-06-2012

UncategorizedPublished June 19, 2012 at 10:47 AM No Comments

යමුනා ශ්‍රී සඳහම් ආශ්‍රමයේ අභිනවයෙන් සාදන ලද ධර්ම ශාලාව සහ සංඝාවාසය ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍ය මහෝස්ත්සවය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ අනුශාසක ධුරන්ධර මහෝපාද්‍යය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසනධජ මහා කම්මට්ටනාචාර්ය අතිපුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේගේ සහභාගීත්වයෙන් 2012.06.24 වන දින පෙරවරුවේදී පැවැත්වේ. එදින පැවැත්වෙන සුවිශේෂී පිංකම් මාලාවේ වැඩ සටහන් විස්තරය පහත දක්වා ඇත.

පෙ.ව. 9.46 – ධර්ම ශාලාව සහ සංඝාවාසය ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කිරීම සහ අනුශාසනය
පෙ.ව. 11.00 – බුද්ධ පුජාව සහ ගරුතර මහා සංඝරත්නය උදෙසා දානමය පිංකම
ප.ව.  12.30 – අනුශාසනාව
ප.ව. 2.00 – ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව සහ පට්ඨාන දේශනාව
ප.ව. 5.30 – බුද්ධ වන්දනාව සහ පූජාව

යමුනා සදහම් අසපුවේ දායක සභාවේ ප්‍රධානත්වයෙන් සිදුවන මෙම පිංකම් මාලාවට ඔබ සැමට සහභාගී වනමෙන් මෙත් සිතින් ගෞරවයෙන් සිහිපත් කරමු.

තෙරුවන් සරණයි

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.