අපවත්වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වනු ලබන ගුණානුස්මරණ පිංකම දළදා මාලිගාව, නුවරඑළිය සහ කොත්මලේ මහවැලි මහා සෑ සමිදුන් අභියස ජුනි 2 සහ 3, 2018

UncategorizedPublished May 31, 2018 at 11:33 PM No Comments

අරියමග්ග සංවිධානය නමින් එකමුතු වූ අපි අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ  ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩසිටින රුවන්මැලි මහා සෑ සමිදුන් අභියස ත්‍රිවිධ රත්නගේ අසීමිත ගුණ සමුදාය අරමුණු කරමින් 2006 වසරේ සාරාණීය මහා පින්කම පවත්වා එයින් ජනිතවන කුසල ධර්මය දෙව් මිනිසුන් සහිත ලෝකයට පින් කෙතක් වන් අපවත්වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමිපාදොත්තමයාණන් වහන්සේට මතු ලොව්තුරු  බුදුබව පිණිසම ඒකාන්තයෙන් හේතු වේවායි ආසිරි ප්‍රර්ථනා  කළෙමු. එතෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ  ශ්‍රී පාදස්පර්ශයෙන් පුජනීයත්වයට පත් සුවිගේෂිත පුණය භූමියන්හි වසර දොළහක් මුළුල්ලෙහි සිදුකරන ලද සාරණීය පින්කම් පෙළහරක තවත් එක සුවිගේෂී අවස්ථාවක් 2018 – 06 – 02 සහ 03 වන දින නුවර දළදා මාලිගාව, නුවරඑළිය සහ කොත්මලේ මහා සෑ සමිදුන් අභියස 250 ක පමණ වන දේශීය සුපේශල ශික්ෂාකාමී මහා සංඝ රත්නය සහ දස සිල් මෑණියන් වහන්සේලා පෙරටු කර ගනිමින් පැවැත්වෙන සේක.

වැඩි විස්තර…

පුණ්‍ය පෙළහර…

 

 

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.