අතිපුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ ගුණානුස්මරණ පුජා

UncategorizedPublished September 4, 2017 at 7:44 PM No Comments

Most ven Nauyane Ariyadhamma maha thero

අපට කල්‍යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙමින් වැඩ සිටියා වූ බෝධිසත්ව ගුණෝපේත මහා කම්මට්ටානාචරිය අතිපුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේ අපවත් වීමෙන් වසරක් පිරීම නිමිත්තෙන් දිවයින පුරා විවිධ පින්කම් මාලාවෝ මෙම මස තුල සංවිධානය වේ… බුදු  සසුන පිරිහී යන යුගයක පහළ වූ මෙම මහා යතිවරයාණන් වහන්සේ වෙස්සන්තර මහා බෝධිසත්වයන් වහන්සේ මෙන් අකීර්ති මහා බෝධිසත්වයන් වහන්සේ  මෙන් මහා පාරමිතා ගුණයෙන් සපිරි මහා බෝධිසත්වයන් වහන්සේ නමක් වන සේක…. මේ මහා උත්තමයාණන් වහන්සේ   සැරියුත් මහා රහතන් වහන්සේ මුගලන් මහා රහතන් වහන්සේලා වැනි වූ මහා සංඝ රත්නය හා අනුයාත වෙමින් වැඩ සිටියා  වූ මහා සඝ රුවනක් වන සේක… නිමක් කොනක් නොපෙනෙන සසරක අපට නිවන් මග පෙන්වා දුන්නා වූ නිවන් මග හා අනුයාත කරවමින් වැඩ සිටියා වූ මහා කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වන සේක…

අරියමග්ග සංවිධානය නමින් අප ඒකරාශී වුවේද මේ මහා බුද්ධ සාසනයක් තුල මහා පුණ්‍ය වාසනාවක් සිදු කරගත්තේද මේ මහා යතිවරයාණන් වහන්සේගේ මහා බෝධිසත්වයාණන් වහන්සේගේ පුණ්‍ය භාග්‍යය නිසාමය… මහා බෝසත් තපසින් පරිපුන්ව, මහා බෝසත් ගුණයෙන් පරිපුන්ව, මහා බෝසත් සීලයෙන් පරිපුන්ව අපට කල්‍යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙමින් වැඩ සිටියා වූ අතිපුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා… මාගේ ජීවිතයද පූජා කරමි පුජා වේවා… සාදු.. සාදු.. සාදු ….

අප මේ මහා දීර්ඝ සසර තුල අලෝභ අදෝස අමෝහ සිත් පෙරදැරිව මේ තාක් යම් කුසලයක් කරන ලද්දේද ඒ සියලු කුසල ධර්මයෝ අති පුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේගේ නිවන් මග හාම යාව නිබ්බාණ වෙමින් දෙව් මිනිසුන් සහිත ලෝකයාට අනුකම්පා පිණිස සුවසේ පාරමී දම් පුරමින් සසර ජයගෙන මතු ලොව්තුරු සම්මා සම්බුදුබව පිණිසම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා… සාදු.. සාදු.. සාදු ….

අතිපුජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදොත්තමයාණන් වහන්සේගේ ගුණ සමරමින් දිවයින පුරා පැවැත්වෙන මහා පිංකම් මාලාවන් අතුරින් 2017.09.05 සහ 6 යන දිනයන්හි නා උයන ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්වෙන පින්කම් මාලාව පහත දක්වා ඇත…

2017.09.05 දින

 1. සවස 6.00ට – සන්ධ්‍යා සම්බුද්ධ පුජාව

2. රාත්‍රී 9.00ට ධර්ම දේශනාව

2017.09.06 දින

3. අළුයම 12.30ට ධර්ම දේශනාව

4. අළුයම 5.00ට බුද්ධ පුජාව

5. උදේ 6.00 ට උදෑසන පිණ්ඩපාතය

6. පෙ.ව 7.30 සිට අභිනවයෙන් ඉදිකරන “නා උයන ධර්මායතනය” ශ්‍රී  සම්බුදු සසුනට පුජා කිරීම.

7. පෙ.ව 10.30 ට දහවල් පිණ්ඩපාතය (දහවල් දානය)

8. ප.ව 12.30 ට නා හිමි සිහිවටන ධාතු චෛත්‍යය නිරාවරණය සහස්වයං මා හිමි ජීවන ගමනේ පිය සටහන් ග්‍රන්ථය දොරට වැඩුම හා පුණ්‍යානුමෝදනාව.

9. ප.ව 2.00. ට නිමාව.

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.