සීල භාවනා සහ විශේෂ ධර්ම දේශනාව – ඔක්තෝබර් මස 28, 29, යමුනා සදහම් අසපුව

UncategorizedPublished October 22, 2017 at 10:54 PM No Comments

අතිපූජ්‍ය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේගේ ආරාධනා පරිද්දෙන් බුරුමයේ වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නය හත්නමක් පමණ ලංකාවට ඔක්තෝම්බර් මස අවසන් සතිය තුල වැඩම වීමට නියමිතය. අප විසින් සංවිධානය කරනු ලබන යමුනා සදහම් ආශ්‍රමයේ මාසික භාවනා වැඩසටහනද ඔක්තෝබර් මස 28, 29 දෙදින තුල අතිපූජ්‍ය දිගන සුගතවංශ ස්වාමින්වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබේ. 29 වන ඉරුදින බුරුමයෙන් මෙරටට වැඩම කරන ගරුතර මහා සංඝරත්නය යමුනා සදහම් ආශ්‍රමයට වැඩමවා දානය පිරිනැමිමට (15 නමකට) කටයුතු සංවිධානය කර ඇත. එදින එම ස්වාමීන්වහන්සේලා විසින් විශේෂ ධර්ම දේශනාවක්ද පවත්වනු ලැබේ. මෙම ශිල භාවනා වැඩසටහන, ධර්මදේශනාව සහ දානමය පිංකම සදහා සහභාගී වන ලෙසට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.

තෙරුවන් සරණයි…

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.