නා උයන ආරණ්‍ය සේනාසනයේ කඨින පිංකම -ඔක්තෝම්බර් මස 16 වෙනි දින
UncategorizedPublished October 5, 2011 at 6:56 PM No Commentsශ්‍රි සම්බුද්ධ ශාසනයෙහි උසස් ශීල ප්‍රථිපදාවන්හි පිහිටා ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා 100ක් නමකට වස් ආරාධනා කොට වඩා හිඳුවා හැකි පමණින් සිව්පසින් උපස්ථාන කොට වස් අවසානයේ සිදු කෙරෙන මහා වප්පවාරන පිංකම මෙවරද ඔක්තෝම්බර් මස 16වෙනි දින නා උයන ආරණ්‍ය සේනාසනයේදී සිදු කෙරෙන බව සැදැහැවත් ඔබ සැමට මෛත්‍රියෙන් දැනුම් දෙමු.
මහෝපාධ්‍යාය මහා කම්ම්ට්ඨනාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් මෙම උතුම් පිංකම පැවැත්වෙයි.
පිංකම් මාලාව
ඔක්තෝබර් 15 දින රාත්‍රී විශේෂ බෝධී පූජාව සහ සර්වරාත්‍රික ධර්ම දේශනාව
ඔක්තෝබර් 16 අළුයම 5.00ට බුදු ගුණ දේශනා කරමින් කඨින වස්ත්‍රය පෙරහරින් වඩමවා අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේ ඇතුළු මහා සඟ රුවනට පූජාව
අළුයම 6.00ට හීල් දාන පූජාව සහ මෛත්‍රී පූර්වාංග බුද්ධ පූජාව
උදේ 7.00ට පැවිදි පිංකම
උදේ 9.00ට මහා සඟ රුවනට පිණ්ඩපාත දානය පූජාව
උදේ 9.30ට සීල සමාදානය සහ පිරිකර සාංඝික කර පූජා කිරීම ඇතුළු කුටි සෙනසුන් සඟ සතු කොට පූජා කිරීම
උදේ 10.00 අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනාව
දවල් 12.00 පැමිණි පිරිසට සංග්‍රහ කිරීම
මේ උතුම් පුණ්‍ය අවස්ථාව ඔබ සැමට මෙත් සිතින් මතක් කරමින් ගෞරවයෙන් ආරාධනා කරමු….
තෙරුවන් සරණයි…..


