අනිච්ඡාවත සංඛාරා…..
UncategorizedPublished February 25, 2015 at 12:19 PM No Commentsශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධිත නාථගන ආරණ්‍ය සේනසනයේ වැඩ සිටි කර්මස්ථානාචාර්ය අතිපූජනීය දාස්වත්තේ සුමනසීල මහා ස්ථවීර වරයාණන් වහන්සේ 2015 පෙබරවාරි මස 19 දින හදිසි අනතුරකට පත්වූ අතර නුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙබරවාරී 22 වන දින අපවත් වූ සේක.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල භාවනා වැඩසටහන් මෙහෙයවමින් ධර්ම දේශනා පවත්වමින් බොදු ජනතාවට නිවන් මග පෙන්වා දුන් අතිපූජනීය ස්වාමින්වහන්සේගේ දේහය මේ වන විට පොල්ගස් ඕවිට දික් හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අවසන් ගෞරව පිණිස තැන්පත් කර ඇත. මෙම දේහය 2015 පෙබරවාරී මස 25 දා දික් හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට මහකෙලිය නාථගන අරණ්‍ය සේනාසනය වෙත වැඩම වීමට නියමිතය. දේහය පිළිබඳ අවසන් කටයුතු පෙබරවාරී මස 28 වන දින නාථගන අරණ්‍ය සේනාසනයේදී සවස 2ට සිදුකරනු ලැබේ.
ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ථි ධර්මය නගා සිටුවීම පිණිස අතිපූජනීය දාස්වත්තේ සුමනසීල හිමියන්ගෙන් අනුපමේය සේවාවක් සිදුවූ අතර ගෞරවනීය ස්වාමින්වහන්සේ අරියමග්ග සංවිධානයේ අනුශාසකත්වයෙන් ද අපට අනුකම්පා පිණිස අනුග්‍රහ කල සේක. අප සංසාරයේ කරන ලද්දා වූ යම් කුසල කර්මයක් වේ ද මේ සියළු කුසල ධර්මයෝ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ නිවන් මග හාම යාව නිබ්බාන වේවා. දෙව් මිනිස් සහිත ලෝකයාට පිහිට වෙමින් අසරණ සත්වයන් නිවන් මගට යොමු කරවාලීම පිණිසම අපගේ සියළු කුසල ධර්මය ඒකාන්තයෙන් හේතු වේවා. දෙව් මිනිස් සහිත ලෝකයාට හිත සුව පිණිස අපවත් වූ වදාල අතිපූජනීය දාස්වත්තේ සුමනසීල මහා ස්ථවීර වරයාණන් වහන්සේ සුවසේ පාරමී දම් පුරමින් මතු ලොව්තුරු බුදුබවම ලබත්වා…!!!



