නාගදීප මහා ථූපාභිවන්දනා – 2017.05.27 සහ 28 දෙදින

UncategorizedPublished May 15, 2017 at 11:52 PM No Comments

අරියමග්ග සංවිධානය නමින් එකමුතු වූ අපි අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩසිටින රුවන්මැලි මහා සෑ සමිදුන් අභියස ත්‍රිවිධ රත්නයේ අසීමිත ගුණ සමුදාය අරමුණු කරමින් 2006 වසරේ සාරාණීය මහා පින්කමක් පවත්වා එයින් ජනිතවන කුසල ධර්මය දෙව් මිනිසුන් සහිත ලෝකයට පින් කෙතක් වන් අපවත්වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමිපාදෝත්තමයාණන් වහන්සේට මතු ලොව්තුරු බුදුබව පිණිසම ඒකාන්තයෙන් හේතු වේවායි ආසිරි ප්‍රර්ථනා කළෙමු. එතෙක් පටන් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පුජනීයත්වයට පත් සුවිශේෂිත පුණ්‍ය භූමියන්හි වසර එකොළහක් මුළුල්ලෙහි සිදුකරන ලද සාරණීය පින්කම් පෙලහරක තවත් එක සුවිශේෂී අවස්ථාවක් 2017 – 05 – 27 දින නාගදීප මහා සෑ සමිදුන් අභියස 300 ක පමණ වන දේශීය විදේශීය සුපේශල ශික්ෂාකාමී මහා සංඝ රත්නය සහ දස සිල් මෑණියන් වහන්සේලා පෙරටු කර ගනිමින් පැවැත්වෙන සේක.

 

Nagadeepa Pinkama

 

අපවත් වී වදාල ශ්‍රී කල්යාණි යෝගශ්‍රමාධිපති  මහ කර්මස්ථානාචාර්ය ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ අනුනායක දුරන්ධර අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපදොත්තමයාණන් වහන්සේ මතු ලොව්තුරු බුදු බවම  ලබත්වායි ගුරු බැතියෙන් ආශිර්වාද කරමින්ද, පිළිවෙත් පුරමින් වැඩ සිටින බෝසත් ගුණෝපේත  දිව්‍ය බ්‍රහ්ම   ආදී උතුමන් වහන්සේලාට මෙම ලක්දෙරණ මතට වැඩමකොට ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරන්නයි ආරාධනා කරමින්ද මෙම උතුම් පිංකම පැවැත්වේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ගුණ සමුදාය අරමුණු කරමින් නාගදීප මහා සෑ සමිඳුන් සෝමාවතී මහා සෑ සමිඳුන් අභියස විශේෂිත ආලෝක පූජා මල් පුජා බෙහෙත් ගිලන්පස, කප්රුක්, කොඩි, පහන්, සුවඳ, ධර්ම දාන මහා සංඝරත්නයට සිදු කරන්නා වූ උපස්ථාන ආදී අනේක  ආමිසමය ප්‍රතිපත්තිමය පැවැත්වෙන මෙම උතුම් පිංකමට ඔබ සැමගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරමු.

පිංකම පෙළගැස්ම 

2017.05.27

  • භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිදු කරන්නා වූ සම්බුද්ධ පුජාව                   ප.ව. 5.00
  • සම්මා සම්බුද්ධ වන්දනාව                                                                        ප.ව. 5.45
  • ධර්ම දේශනාව                                                                                        රාත්‍රී 7.30
  • භාවනා                                                                                                    රාත්‍රී. 9.00
  • පිරිත් දේශනා සහ පුණ්‍යානුමෝදනා                                                        රාත්‍රී. 10.00

2017.05.28

  • මහා සංඝරත්නය උදෙසා හීල දානය (තල් සෙවන හෝටලය)                       පෙ.ව. 6.00
  • මහා සංඝරත්නය උදෙසා හීල දානය (වව්නියාවෙහිදී)                                  පෙ.ව. 11.00
  • සෝමාවතිය චෛත්‍යවහන්සේ අබියස සම්මා සම්බුද්ධ පුජාව සහ වන්දනාව  ප.ව. 3.00

ආමිසමය ප්‍රතිපත්තිමය කුසලානිසන්සය අපට නිවන් මග පෙන්වා දුන් මහා බෝසත් චර්යාවක අසිරිමත් ගුණ වරුණ ස්වකීය පැවැත්මෙන් පෙන්වාදුන් අපවත් වී  වදාල අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමිපාදෝත්තමයාණන්  වහන්සේට මතු ලොව්තුරු බුදුබව පිණිසම ඒකාන්තයෙන් හේතු  වාසනා වේවා. අරියමග්ග සංවිධානයේ පැවිදි අනුශාසකත්වයෙන් වැඩසිටි අපවත්වී වදාල අති පූජනීය දාස්වත්තේ සුමනසීල ස්වාමීන්වහන්සේ ඇතුළු බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිළිවෙත් පුරමින් වැඩසිට අපවත් වූ සියලුම ගරු කටයුතු මහා සංඝ රත්නයේ පාරමී මගහාම මෙම සියලු කුසල් ධර්මයෝ යාව නිබ්බාණ වේවා.

ශ්‍රී කල්‍යානි යෝගාශ්‍රමාධිපති  මහෝපාධ්‍යාය අති පුජනීය පහලවිටියල ජනානන්ද මහා ස්වාමින්වහන්සේ ඇතුළු සුපේශල ශික්ෂකාමී ගරුතර මහා සංඝරත්නය නිදුක්ව නීරෝගීව පිළිවෙත් පුරමින් ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරත්වා. අපට නිරන්තරයෙන් පිහිට වන උතුම් මහා සඟ ගුණයෙන් පිරිපුන් මැයි මස 28 වන දින ජන්ම දිනය සමරන නාථගන ආරණ්‍ය සේනාසනාධිපති අතිපුජනීය හැවැන්පැලස්සේ චන්දවන්ස මහා ස්වාමින්වහන්සේ නිදුක්ව නීරෝගීව වින්සත් ශතවර්ශාධික කාලයක් පාරමීදම් පිරීම පිණිසම මෙම කුසලය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. මෙම සියලු කුසල් අරමුණු වෙනුවෙන් අපට නිරතුරුව අනුශාසන කරන ප්‍රතිපත්තිමය බුද්ධ ශාසනය  නගා සිටුවීම පිණිස මහා මෙහෙවරක නිහඩව කටයුතු කරන අතිපුජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ වින්සත් ශතවර්ශාධික කාලයක් නිදුක්ව නීරෝගීව පාරමී දම් පිරීම පිණිසම  මෙම සියලු කුසලයෝ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා.  මෙම පිංකම සංවිධානය පිණිස විවිධ අයුරින් දායක වූ සංවිධාන කටයුතු සිදු කල සියළුම පින්වතුන් ගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වී පැතුම් බෝධියෙන් උතුම් වූ නිර්වාන ධර්මය සුවසේ අවබෝධවීම පිණිසම මෙම සියලු කුසලයෝ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. මෙම කුසල් දැක  සතුටු වන්නා වූ ද අපට නිරන්තරයෙන් උපකාර කරන්න වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පැතුම් බෝදියෙන් උතුම් නිර්වාන ධර්මය සුවසේ අවබෝධවීම පිණිසම  මෙම සියලු කුසලය ධර්මයෝ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා.

සියලු සත්වයෝ  සුවපත් වේවා.

අරියමග්ග සංවිධානය, කොළඹ 6

www.ariyamagga.org

0773129505, 0772642770, 0714242295

 

Leave a Reply


Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.