කිරි වෙහෙර මහා ථූපාභිවන්දනා
අප්‍රෙල් මස 27-28 දෙදින
UncategorizedPublished April 17, 2013 at 10:29 AM No Comments
ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන්නාවූ සියලු මහා බෝධිසත්වයන් වහන්සේලාම ආනාපාන චතුර්ථධ්‍යානයට සමවැදී සමාධිගත සිතින් පිබිදෙන්නාවූ උතුම් ප‍්‍රඥාව පටිච්ච සමුප්පාද ධර්මයට යොමුකොට එය අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමින් සංසාර චක‍්‍රයේ ධර්මතාවය නිවරදි ලෙස අවබෝධ කරගෙන අර්හත් මාර්ග ඤාණ උපදවා සසර භව ගමනට හේතුවන අවිද්‍යා තෘෂ්ණා ආදී සියලූ කෙලෙසුන් මතු කිසි කලෙක හට නොගන්නා පරිදි මුළුමනින් ප‍්‍රහාණය කොට ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක.
බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වූ කතරගම කිරි වෙහෙර මහා සෑ සමිදුන් අභියස ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා නිතර සිහිකිරීම වශයෙන් භාවිතා කරන්නාවූ අති ගාම්භීර පටිච්ච සමුප්පාද ධර්මය ශීලාදී ප‍්‍රතිපත්ති පූජාවෙන්ද අනෙකුත් විවිධ පූජාවන්ගෙන්ද පූජා කරමින්, වන්දනා කරමින්,මෙනෙහි කරමින් ඒ උත්තරීතර කුසල් ශක්තිය ශ‍්‍රී කළ්‍යාණි යෝගාශ‍්‍රම සංස්ථා ප‍්‍රධාන ධුරන්ධර මහෝපාධ්‍යාය සාසනධජ ත‍්‍රිපිටක වාගිෂ්වරාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහ ස්වාමිපාදොත්තමයාණන්වහන්සේ සුවසේ පාරමී දම් සපුරා සසර අවසන දෙතිසක් මංගල්‍ය පූර්ව නිමිතිවලින් මුලූ මහත් ලෝක ධාතුව සැරසී ඇතිවිට දස දහසක් ලෝක ධාතුව කම්පා කරවමින් චතුරාර්ය සත්‍යාවබෝධයෙන් මතු ලොව්තුරා බුදුබව පිණිසම ඒකාන්තයෙන් හේතු වේවායි අදිටන් කරමින්ද, ශ‍්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරමින් සතර දිසාවේ වැඩ සිටින සුපේෂල සික්ශාකාමී ගරුතර මහා සංඝරත්නයට උතුම් වූ පාරමී දම් පුරමින් නිදුක්ව නීරෝගීව ශ‍්‍රී සම්මා සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීම පිණිස යෝධ චිත්ත බලය, වීර්යය, ශක්තිය ලැබේවායි නමස්කාර පූර්වක ආසිරි පැතුමෙන්ද යුතුව මෙම සුවිශේෂී පින්කම පවත්වන්නෙමු.
පූජා පෙළහර
- සීල භාවනා ප‍්‍රතිපත්තිමය පූජා
- සර්ව රාත‍්‍රික පටිච්ච සමුප්පාද ඤාණ දේශනා
- චෛත්‍ය රාජයාණන්වහන්සේ කොත් කැරැල්ලේ සිට පේසා වළලූ දක්වා බෞද්ධ කොඩියක් ලෙස පවත්වන විදුලි ආලෝක සහ අබ තෙල් පහන්, සුවඳ පහන්, බකට්, නෙලූම් මල් කූඩු ආදී ආලෝක පූජා
- අෂ්ටපාන ගිලන්පස, දැහැත් බෙහෙත් සහ ඹෞෂධ පූජා
- අටපිරිකර පූජා
- ධර්ම ග‍්‍රන්ථ පූජා
- ධර්මාසන පූජා
- මල් සැරසිලි, මල් තට්ටු, මල් මාලා ආදී මල් පූජා
- ඤාණ කොඩි, කප් රුක්, සත්තිස් බෝධිපාක්ෂික පාවඩ සහ වෙනත් බෞද්ධ කොඩි පූජා
- මහා සංඝරත්නය උදෙසා දානමය, ගිලන්පස, සංඝෝපස්ථාන සහ පිරිකර පූජා
- සුවඳ පැනින් මළුව දෝවනය සහ සුවඳ පූජා
- කිරි ආහාර පූජා
- ගිලන්පස පූජා
පිංකම් මාලා පෙළගැස්ම
අපේ‍්‍රල් මස 27 දින
පෙ.ව. 6.00 – සීල භාවනා වැඩසටහන (සීල භාවනා වැඩසටහනට සම්බන්ධවන පින්වතුන් තමන්ගේ පරිහරණයට අවශ්‍ය පිගාන කෝප්පය ආදිය රැගෙන ආ යුතු බව කරුණාවෙන් සිහිපත් කරමු*)
ප.ව. 6.00 – පටිච්ච සමුප්පාද ඤාණ පූජාව තැන්පත් කිරීම හා ඤාණ වන්දනාව
රාතී‍්‍ර 9.30 – පටිච්ච සමුප්පාද ඤාණ දේශනාව
අපේ‍්‍රල් මස 28 දින
පෙ.ව. 5.45 – හීල දානය
පෙ.ව 6.30 – කිරි ආහාර පූජාව
පෙ.ව. 10.00 – දවල් දානය
සර්වඥ රාජොත්තමයාණන් වහන්සේ ජයශ‍්‍රී මහා බෝධි මණ්ඩලයේ වැඩහිඳ පටිච්ච සමුප්පාද විදර්ශනාව වඩා චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් ලොවුතුරා බුදුබවට පත්වූ ආකාරය නිරතුරු සිතින් අවබෝධ කරගනිමින් චිත්ත සමාධිය උපදවමින් බුද්ධාලම්භන ප‍්‍රීතිය ඇතිව මුල සිට අග දක්වාම භාවනාවක් වැඩෙන සේ පැවැත්වීමට අදිටන් කරමින් මෙම පටිච්ච සමුප්පාද ඤාණ වන්දනාවට සහභාගි වන මෙන් ඔබ සැමට ගෞරවයෙන් මෙත් සිතින් ආරාධනා කරමු.
ලොව පහළ වූ සර්වඥ සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේලාගේ ලොව්තුරා බුදුබවට ඒකාන්තයෙන් උපකාර වන්නාවූද, සියලූ බුදුරජාණන් වහන්සේලා අත් නොහැර නිතර සිහිකිරීම වශයෙන් භාවිතා කරන්නාවූද මෙම උතුම් පටිච්ච සමුප්පාද ඤාණ වන්දනාමය, ඤාණ පූජාමය කුසලය මෙම පිංකම හා සතර දිගින් සම්බන්ධවන්නාවූ සියලූම පින්වතුන්ගේ මෙන්ම, දෙව් මිනිසුන් ඇතුලූ සියලූම සත්වයන්ගේ සම්‍යක් ප‍්‍රාර්ථනා මුදුන්පත්ව ඒ උතුම් හේතුඵල ධර්මතා සම්මර්ශනයෙන් චතුරාර්ය සත්‍යාවබෝධයෙන්, සසර ජයගෙන පැතුම් බෝධියෙන් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම ඒකාන්තයෙන් හේතු වේවා !
“කිරි වෙහෙර මහා ථූපාභිවන්දනා″, please click here to access the above news as an image
සජීව විකාශය අප්‍රෙල් මස 27 දින සවස 6.00 සිට Ariyamagga Tv ඔස්සේ…